හෙළයේ අභිමානය නැංවු වෙල්ලස්ස


ඉතිහාසය වූ කලී ඒ ඒ රටවල් පිළිබඳව ඒ ඒ ජාතීන් පිලිබඳව සදාචාරය මාර්ගයකි. ප්‍රජාව පිළිබද ගුරුවරයෙකි. ජාතික චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව අනුශාසකයකි. අභිවෘධිය පිළිබඳව මාර්ග දේශකයකි. නිදහස පිළිබඳව විශ්‍රාම ශාලාවකි. එසේම ඉතිහාසය නොදන්නවුන් උපන් දේශයේ අනාථයෝ වෙති. සදාචාරයෙන් ඉවත් වෙති. ගුණ දහම් නොහදුනති. ඉතිහාසය, අනාගත ප්‍රජාව, ජාතික චාරිත්‍ර වාරිත්‍රයන්ගෙන් මෙන්ම අභිවෘධියෙන්ද දීප්තිමත් කරයි. නමුත්, ඉතිහාසය පිලිබඳව කුමන අර්ථ කථන තිබුනත් එකී ඉතිහාසය ලේඛනගතවී තිබෙන්නේ, ඒවා ලෙඛනගත කරන අවධියේ සමාජ දේශපාලන උවමනාව මත බවද අපට පිළිගැනීමට සිදුවේ. ඒ නිසාම කිසියම් ඉතිහාසික කරුනක් සම්බඳව ලේඛනගතව තිබෙන කථාන්දරය සැබෑ යථාර්ථයම දැයි නැවතත් සලකා බැලීම ප්‍රඥාගෝචරය. ඊට වඩාත් විද්‍යාත්මක විග්‍රහය වන්නේ උක්ථ කරුණ සම්බන්ඳව අප සතුව ඇති සියලු මූලාශ්‍ර පෙලගස්වා සත්‍ය ලෙසම සිදුවී තිබෙන්නේ කුමක්ද යන්න පිළිබඳව නිර්වචනය කරගැනීමය. සබ්බේථ සංතී දන්ඩස්ස – සබ්බේතං ජීවිතං පියං අන්වානන් උපමං කත්වා – නහනෙයියන සාතයේ.සියලු සත්වයෝ දඬුවමට බිය වේ – සියලු සත්වයෝ ජිවිතයට ප්‍රියය. තමන් උපමාවට ගෙන – ඝාතනයෙන් වලකින්න. යන බුද්ධ වචන පිලිගනිමින් ගොඩ නැගුනු වැවයි-දාගැබයි, ගමයි – පන්සලයි යන ඒකකයන්ගෙන් සැදුම්ලත් ලොව උතුම් හෙළයන් 1818 දී බටහිර අධිරාජ්‍යයවාදීන් සහ ඔවුන්ගේ දේශිය ගැත්තන් විසින් වෙල්ලස්ස ප්‍රදේශයේ ජනයා වනසමින් වෙහෙර විහාර කඩා බිඳ මහා සංඝ රත්නය මරා දමමින්, වැව් අමුණු කඩා බිඳ කෙත්වතු උයන්වතු ගිණිබත් කර, හරකා බාන ඝාතානය කර, රොබට් බ්‍රවුන්ඪ්‍රිග් විසින් බැතර්ට්ස් වංශාධිපතියාට ” කෘෂි ආර්ථිකයෙන් ගොඩ නැගී, බුදු දහමින් පෝෂණය වූ, ලොව වෙනත් කිසිම තැනක දැකිය නොහැකි, දුටුවන් විමතියෙන් විමතියට පත් කරන,ලොව කිසිම ජගතෙකුට යටත් කරගත නොහැකි අති රමනීය භූම්ය නැවත වසර 200කට වත් ගොඩ නැගිය හොහැකි ලෙස මම විනාශ කලෙමි. යනුවෙන් ලියා දැනට වසර 200 කි. ඔහුගේම ලිපියට අනුව සුරපුරය වනසා නරකාදියක් ගොඩ නැගීමේ බටහිර මහත්වරුන්ගේ චින්තන, දැක්ම, උවමනාව, උපාය සහ ක්‍රියාමාර්ගයන් පිළිබඳව මුලු මහත් විශ්වයම දැනගත යුතුය. ඒ මක්නිසාද යත් සූරා කෑම, යටත් කරගැනීම, අහිමි කිරීම, විනාශ කිරීම වැනි සත්වගෝචර නොවන මහත්වරුන්ගේ යැයි කියාගන්නා අපායට පෙම් කිරිමේ අමානුෂික ක්‍රියාවලියටද වසර 200ක් පිරීම ද සිදුවී ඇති නිසා එය වර්ථමානයට නිර්වචනය කරගැනීමට ඇති අයිතිය හිමිකර දිය යුතු නිසාය. ඒ සදහා ජාතිය, දේශය, අවධි කිරිම, සමගිය පිරීම දැනුවත් කිරිම අපගේ යුතුකම වගකීම බව සිහිපත් කරමු.


article_3